යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක් දිස්ත්‍රික්ක කිහිපයකට

අද උදෑසන වන විට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක ප්‍රමාණයක් යුරියා පොහොර අත්‍යවශ්‍යව පැවැති දිස්ත්‍රික්ක කිහිපයකට පළමුවෙන් යැවීමට පියවර ගත් බව ලංකා පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව හම්බන්තොට, පොළොන්නරුව, කුරුණෑගල හා මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට එම පොහොර තොගය යොමු කළ බවයි ඔහු සඳහන් කළේ.

මෙම පොහොර තොගය පසුගිය සෙනසුරාදා මෙරටට ලැබූන මෙට්‍රික් ටොන් 22,500 තොගයට අයත් ඒවා යි.

මේ අතර යූරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කළ යුතු බැවින් මිල කමිටුව වහාම රැස්වී මිල තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

හෙට (15) සිට යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇත්තේ.

යූරියා පොහොර සම්බන්ධව වෙළෙඳ පොළ මිල සැලකිල්ලට ගනිමින් මිල අඩු කිරීමේ තීරණය ඒ සඳහා පත් කළ මිල කමිටුව විසින් තීරණය කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව මිල කමිටුව වහාම රැස්වී පොහොර මිල අඩු කිරීම සම්බන්ධව තීරණය කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේ.

එම තීරණය පරිදි හෙට සිට යුරියා පොහොර මිල රුපියල් 9,000 දක්වා අඩු කෙරෙනු ඇති.

දැනට වෙළෙද පොළෙහි යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000ක් වශයෙන් පවතිනවා.

කොළඹ වරායට පැමිණ ඇති යූරියා පොහොර නෞකාවේ අඩංගු පොහොර ගොඩ බෑම දැන් සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?