යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක් දිස්ත්‍රික්ක කිහිපයකට

අද උදෑසන වන විට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක ප්‍රමාණයක් යුරියා පොහොර අත්‍යවශ්‍යව පැවැති දිස්ත්‍රික්ක කිහිපයකට පළමුවෙන් යැවීමට පියවර ගත් බව ලංකා පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව හම්බන්තොට, පොළොන්නරුව, කුරුණෑගල හා මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට එම පොහොර තොගය යොමු කළ බවයි ඔහු සඳහන් කළේ.

මෙම පොහොර තොගය පසුගිය සෙනසුරාදා මෙරටට ලැබූන මෙට්‍රික් ටොන් 22,500 තොගයට අයත් ඒවා යි.

මේ අතර යූරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කළ යුතු බැවින් මිල කමිටුව වහාම රැස්වී මිල තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

හෙට (15) සිට යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇත්තේ.

යූරියා පොහොර සම්බන්ධව වෙළෙඳ පොළ මිල සැලකිල්ලට ගනිමින් මිල අඩු කිරීමේ තීරණය ඒ සඳහා පත් කළ මිල කමිටුව විසින් තීරණය කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව මිල කමිටුව වහාම රැස්වී පොහොර මිල අඩු කිරීම සම්බන්ධව තීරණය කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේ.

එම තීරණය පරිදි හෙට සිට යුරියා පොහොර මිල රුපියල් 9,000 දක්වා අඩු කෙරෙනු ඇති.

දැනට වෙළෙද පොළෙහි යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000ක් වශයෙන් පවතිනවා.

කොළඹ වරායට පැමිණ ඇති යූරියා පොහොර නෞකාවේ අඩංගු පොහොර ගොඩ බෑම දැන් සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03