සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කඩිනමින් ණය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරුතා මගහරවා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දැනට ක්‍රියාත්මක ණය පහසුකම් ලබා දීමේ කටයුතු කඩිනම් කරන ලෙස වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පාර්ලි‍මේන්තුවේදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි මෙලෙස උපදෙස් ලබා දීම සිදු වූයේ.

මේ අනුව ඉදිරි සතිය තුළ බැංකු සමග සාකච්ඡා කර ව්‍යාපෘති වාර්තා ලබා දී ඇති නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඒ සඳහා කඩිනමින් පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ආනයනය සීමා කිරීම හරහා ‍මෙරට කර්මාන්තවල විශාල ප්‍රගමනයක් දැකිය හැකි බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

ඒ අනුව පසුගිය 2022 වසරේදී ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩොලර් බිලියන 13.1ක මුදලක් ලබාගත හැකිවූ බව ද ඔහු පෙන්වා දුන්නා.

මෝටර් රථ සහ ත්‍රීරෝද රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන් 22ක් මේවන විට මෙරට තුළ කටයුතු කරන බවත් හදුනාගත් ක්ෂේත්‍ර 20ක් ඔස්සේ කර්මාන්ත සංවර්ධන කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ, මැටි, කජු, වේවැල්, උණබට යනාදී විවිධ කර්මාන්ත ආශ්‍රිතව පවතින ගැටලු රැසක් මෙහිදී මන්ත්‍රීවරයන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43