ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2ට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරගය ශ්‍රී ලංකාව කඩුලු 9කින් ජය ගැනීමත් සමගයි.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

කෙසේවෙතත් ඔවුන්ගේ අපේක්ෂිත ඉලක්ක කරා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 22යි පන්දු 2ක් අවසානයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 116ක් පමණයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රිඩකයා වුයේ මොහොමඩ් නබී පමණයි. ඒ ලකුණු 23ක්. ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 22ක් සහ ගුල්බඩින් නයිබ් ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 4ක් දවා ගත්තා. වනිදු හසරංග කඩුලු 3ක්, ලහිරු කුමාර කඩුලු දෙකක් සහ මහිෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තීරණාත්මක එක්දින තරගයේදී තම 8 වන එක්දින අර්ධ ශතකය රැස් කර ගැනීමට පැතුම් නිස්සංක සමත්වුණා.

ඔහු පන්දු 32කින් ලබා ගත් එම ලකුණු 50ට හයේ පහර 2ක් සමගින් හතරේ පහර 8ක් ඇතුලත්.

එය පැතුම් නිස්සංකගේ එක්දින ක්‍රිකට් තරග දිවියේ වේගවත්ම අර්ධ ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වෙන්නේ. ඔහු පිටියෙන් ඉවත් වන විට ලකුණු 51ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු56 යි. එය ඔහුගේ 8 වන එක්දින අර්ධ ශතකයයි. කුසල් මෙන්ඩිස් ලකුණු 11යි.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය දුෂ්මන්ත චමීරට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37