වස විස නැති පලතුරු අලෙවිසැල් සොයා ගැනීමට QR ක්‍රමවේදයක්

අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු පලතුරු පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීම වැළැක්වීම වෙනුවෙන් රජය විසින් සුවිශේෂි වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කෘතීම පලතුරු ඉදවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන බලපෑම වැළැක්වීම වෙනුවෙන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ජාතිකා වැඩපිළිවෙල ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව, ලබන මාර්තු මාසය වන විට පාරිභෝගික සේවා අධිකාරිය හරහා දිවයින පුරා පලතුරු අලෙවිසැල් වෙත, අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු පලතුරු අලෙවි නොකරන බවට වන සහතිකයක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම එම පලතුරු අලෙවිසැල් සිතියම් ගත කිරීමකින් අනතුරුව, QR ක්‍රමවේදයක් හරහා පලතුරු අලෙවිසැලට අදාළ පාරිභෝගික සේවා අධිකාරියෙන් ලබා දෙන සහතිකය පවතිනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කරගැනීමේ හැකියාව හිමිවන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම එළඹෙන අප්‍රේල් මාසයේ සිට වස විස සහිත පළතුරු අලෙවිකරන්නට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන බවද අමත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37