spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2ට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරගය ශ්‍රී ලංකාව කඩුලු 9කින් ජය ගැනීමත් සමගයි.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

කෙසේවෙතත් ඔවුන්ගේ අපේක්ෂිත ඉලක්ක කරා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 22යි පන්දු 2ක් අවසානයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 116ක් පමණයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රිඩකයා වුයේ මොහොමඩ් නබී පමණයි. ඒ ලකුණු 23ක්. ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 22ක් සහ ගුල්බඩින් නයිබ් ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 4ක් දවා ගත්තා. වනිදු හසරංග කඩුලු 3ක්, ලහිරු කුමාර කඩුලු දෙකක් සහ මහිෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙම තීරණාත්මක එක්දින තරගයේදී තම 8 වන එක්දින අර්ධ ශතකය රැස් කර ගැනීමට පැතුම් නිස්සංක සමත්වුණා.

ඔහු පන්දු 32කින් ලබා ගත් එම ලකුණු 50ට හයේ පහර 2ක් සමගින් හතරේ පහර 8ක් ඇතුලත්.

එය පැතුම් නිස්සංකගේ එක්දින ක්‍රිකට් තරග දිවියේ වේගවත්ම අර්ධ ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වෙන්නේ. ඔහු පිටියෙන් ඉවත් වන විට ලකුණු 51ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු56 යි. එය ඔහුගේ 8 වන එක්දින අර්ධ ශතකයයි. කුසල් මෙන්ඩිස් ලකුණු 11යි.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය දුෂ්මන්ත චමීරට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?