පොලිස් වෙස්ගෙන පුද්ගලයෙකු කොල්ල කෑ කල්ලියක දෙදෙනෙක් අත්අඩංගුවට

කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරින් බව පවසමින් ඇතුළු වී නිවෙස්හිමියා ග්‍රහණයට ගෙන රුපියල් එක් ලක්ෂ හැට දහසක මුදලක් කොල්ලකා අනතුරුව එම පුද්ගලයාව මොරටුව ප්‍රදේශයට රැගෙන ගොස් තවත් රුපියල් ලක්ෂ තුනක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් කල්ලියක දෙදෙනෙක් වසර 02කට පසු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ රියදුරෙක්ව සිටි අයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා පතල් කර්මාන්තයේ නියැලුණු අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

2021 වසරේ අප්‍රේල් මස 08 වන දින එම කල්ලිය නිවස තුළට කඩාවැදී හොරයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් කරුණු විමසා අනතුරුව නිවස පරීක්ෂා කරන මුවාවෙන් එහි තුළ තිබූ රුපියල් 160,000ක මුදලක් කොල්ලකා, අනතුරුව එම පුද්ගලයාගෙන් තවත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා එම පුද්ගලයාට අයත් වෑන් රථයෙන්ම ඔහුව මොරටුව ප්‍රදේශයට රැගෙන ගොස් ඔහුගේ සහෝදරයකු මාර්ගයෙන් රුපියල් ලක්ෂ 03ක මුදලක් ලබාගෙන පලාගොස් ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම කොල්ලකෑම සඳහා දැනට සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහාය ද ලබාගෙන ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බුලත්සිංහල සහ අයගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?