පොලිස් වෙස්ගෙන පුද්ගලයෙකු කොල්ල කෑ කල්ලියක දෙදෙනෙක් අත්අඩංගුවට

කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරින් බව පවසමින් ඇතුළු වී නිවෙස්හිමියා ග්‍රහණයට ගෙන රුපියල් එක් ලක්ෂ හැට දහසක මුදලක් කොල්ලකා අනතුරුව එම පුද්ගලයාව මොරටුව ප්‍රදේශයට රැගෙන ගොස් තවත් රුපියල් ලක්ෂ තුනක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් කල්ලියක දෙදෙනෙක් වසර 02කට පසු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ රියදුරෙක්ව සිටි අයෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා පතල් කර්මාන්තයේ නියැලුණු අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

2021 වසරේ අප්‍රේල් මස 08 වන දින එම කල්ලිය නිවස තුළට කඩාවැදී හොරයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් කරුණු විමසා අනතුරුව නිවස පරීක්ෂා කරන මුවාවෙන් එහි තුළ තිබූ රුපියල් 160,000ක මුදලක් කොල්ලකා, අනතුරුව එම පුද්ගලයාගෙන් තවත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා එම පුද්ගලයාට අයත් වෑන් රථයෙන්ම ඔහුව මොරටුව ප්‍රදේශයට රැගෙන ගොස් ඔහුගේ සහෝදරයකු මාර්ගයෙන් රුපියල් ලක්ෂ 03ක මුදලක් ලබාගෙන පලාගොස් ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම කොල්ලකෑම සඳහා දැනට සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහාය ද ලබාගෙන ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බුලත්සිංහල සහ අයගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18