රටම දන්න රංගන ශිල්පිණිය ඇන්ඳ වූ ෆේස්බුක් ඇඩ්මින්ට අධිකරණයෙන් ඇප

ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිණියක් සමඟ හිතවත්ව ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී එම රංගන ශිල්පිණියකගෙන් වරින් වර රුපියල් ලක්ෂ 65ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවෙකු දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය අද (05) නියෝග කළා.

එහිදී අධිකරණය සැකකරුට වැඩිදුරටත් නියෝග කර සිටියේ සෑම මසකම අවසාන ඉරුදින පෙරවරු 9.00ත් 12.00ත් අතර දී ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙසයි.

සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කෙරුණ අතර, එම විදේශ ගමන් තහනම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් ලබාදෙන ලෙසට ද අධිකරණ රෙජිස්ටාර්වරිය වෙත නියම කෙරුණා.

රත්නපුරය – කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බොරාල ලියනගේ ලසන්ත ලියනගේ නැමැති සැකකරුට මෙලෙස ඇප නියම කරනු ලැබුවා.

සාක්ෂිකරුවන්ට තර්ජනය කළ හොත් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඇප අවලංගුකර නැවත රිමාන්ඩ් භාරයට පත් කරන බවට සැකකරුට පැන වූ තවත් ඇප කොන්දේසියක් වුණා.

මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ 22 හැවිරිදි රංගන ශිල්පිණිය පැමිණිලිකාරිය බවට අධිකරණය සඳහන් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් එක්ව සිටින ඡායාරූප ඇතුළත් ෆේස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

සැකකරු එම ෆේස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමඟ හිතවත්කමක් පළමුව ගොඩනගා ගෙන ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

දෙදෙනා අතර ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන් ද විවාහ මංගල්‍යට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේ දී තවදුරටත් සඳහන් වුණා.

ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන මුදල් වංචාව සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

සැකකරු ගේ බැංකු ගිණුමට සැකකාරිය ලවා රුපියල් ලක්ෂ 65ක මුදලක් බැර කරවාගෙන ඇති බව බැංකු වාර්තා මඟින් සනාථ වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී ගම්පහ ආධුනික නීතිඥවරියක්ව රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ හතළිස් නවයක මුදලක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සදහන් වුණා.

ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතානගේ උපදෙස් මෙම පැමිණිල්ල මෙහෙය වන උ ලැබුවා.

නඩුව නැවත ජුලි මස 31 දින කැඳවීමටයි අධිකරණය අද නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
41
+1
2
+1
2
+1
3
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06