එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ උප සභාපති තනතුර ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී සාමාජික රටවල් 193ම එක්ව උප සභාපතිවරයකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තෝරා පත් කරගෙන තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපය වෙනුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා මෙම තීරණාත්මක තනතුර භාරගනු ඇති.

බොලිවියාව, කොංගෝව, එස්තෝනියාව, ගැම්බියාව, අයිස්ලන්තය, ඉරානය, මැලේසියාව, නෙදර්ලන්තය, සෙනගාලය, සිංගප්පූරුව, මොරොක්කෝව, සුරිනාම්, උගන්ඩාව, උස්බෙකිස්තානය සහ සැම්බියාව ඇතුළු රටවල් රැසක් අතරින් ශ්‍රී ලංකාව උප සභාපති ධුරයට පත් කරන බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ.

අලුතින් තේරී පත් වූ මෙම උප සභාපතිවරු චීනය, ප්‍රංශය, රුසියානු සමූහාණ්ඩුව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස්දෙනා සමඟ එක්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20