Indian Premier League

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ උප සභාපති තනතුර ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී සාමාජික රටවල් 193ම එක්ව උප සභාපතිවරයකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තෝරා පත් කරගෙන තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපය වෙනුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා මෙම තීරණාත්මක තනතුර භාරගනු ඇති.

බොලිවියාව, කොංගෝව, එස්තෝනියාව, ගැම්බියාව, අයිස්ලන්තය, ඉරානය, මැලේසියාව, නෙදර්ලන්තය, සෙනගාලය, සිංගප්පූරුව, මොරොක්කෝව, සුරිනාම්, උගන්ඩාව, උස්බෙකිස්තානය සහ සැම්බියාව ඇතුළු රටවල් රැසක් අතරින් ශ්‍රී ලංකාව උප සභාපති ධුරයට පත් කරන බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ.

අලුතින් තේරී පත් වූ මෙම උප සභාපතිවරු චීනය, ප්‍රංශය, රුසියානු සමූහාණ්ඩුව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස්දෙනා සමඟ එක්වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
5
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?