බලංගොඩ අතුරුදන් වූ එක් පුද්ගලයෙකු හමුවෙයි

බලංගොඩ සමනළවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි එක් පුද්ගලයෙකු හමුවී තිබෙනවා.

පොලිස් නිල සුනඛයෙකු යොදවා කළ විමර්ශණයකදී ඊයේ දහවල් රාස්සගල ප්‍රදේශයේ ලඳු කැලෑවක සිටියදී ඔහු සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 3 වනදා සමනලවත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳව මෙම පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීම සහ ප්‍රදේශවාසීන් ඔහු පිළිබඳ සැක සිතීම හේතුවෙන් බියට පත්ව මෙලෙස කැලෑවට ගොස් සැගවී සිටි බවට ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

පසුගිය 3 වනදා අතුරුදන් වූ 42 හැවිරිදි පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැහැ.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් හෙළි වීමෙන් පසුව නැවත ගමට පැමිණීමේ අදහසින් සැඟවී සිටි බවට ද මෙම පුද්ගලයා පොලිසිය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.

සමනලවත්ත ප්‍රදේශයේදී මුලින්ම අතුරුදන් වූ පුද්ගලයා පිළිබඳ ඔහුගේ සහෝදරයා විසින් බලංගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඒ අනුවයි විමර්ශණ ආරම්භ වූයේ.

අනතුරුව ප්‍රදේශයේ ලඳු කැලෑ ප්‍රදේශ පරීක්ෂා කර අතුරුදන් වූ බවට සැක කෙරෙන ස්ථානය පරීක්ෂා කිරීමට ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් මෙන්ම නිල සුනඛයෙකු ද යොදවා පරීක්ෂණ ආරම්භ කෙරුණා.

අදාළ අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව අතර සැකයක් පැවතීම සහ ලබාගත් දුරකථන වාර්තා අනුව අතුරුදන්ව සිටින පුද්ගලයාට අවසන් වරට දුරකථන ඇමතුම් ලබා ගැනීම හේතුවෙනුයි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැණුනේ.

පසුව එම ප්‍රකාශය ලබා දුන් පුද්ගලයා සමනලවත්ත ප්‍රදේශයේ තේ දළු කැඩීමට ගිය අවස්ථාවේ අතුරුදන්ව ඇති බවට සඳහන් කරමින් ඔහුගේ බිරිඳ විසින් බලංගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අතුරුදහන් වීම් දෙක සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය මගින් පෙරේදා (10) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

එහිදී පොලිස් නිල සුනඛයෙකු විසින් ලබාදුන් ඉව ඔස්සේ සමනලවත්ත කැලෑබද ප්‍රදේශයට ගොස් මුලින්ම අතුරුදන් වූ පුද්ගලයා අතුරුදන් වූ බවට සඳහන් ස්ථානයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් රාස්සගල ළඳු කැලෑවක සිටියදීයි අනෙක් පුද්ගලයා සොයා ගැණුනේ.

ඔහුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශකර ඇත්තේ පසුගිය 3 වනදා අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් සැක පිට තමාගෙන් ප්‍රශ්න කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගම්වාසීන් තමා සැක කරන බැවින් ඊට බියවී එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු දිනක නැවත ගමට පැමිණීමේ අදහසින් කිසිවෙකුට හෝ නොකියා ගමෙන් පළාගිය බවයි.

ඔහු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

දැනට අතුරුදන්ව සිටින පුද්ගලයා සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය මගිනුයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07