දුඹුරු සීනි සිද්ධියට අදාළ සමාගම දඩය ගෙවා අවසන්

රේගු ආඥාපනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝණය කරමින් දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 607.5ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ දඩ මුදල ලෙස රුපියල් මිලියන 160ක මුදලක් බැර කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රේගු නඩු අංක PCAD/2023/0001/CCR/0006 යටතේ නඩු පවරනු ලැබුවා.

එහි තීන්දුව ප්‍රකාරව අදාළ දඩ මුදල නියමිත පරිදි ගෙවා දැමීමට සමාගම කටයුතු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආනයනය සීමා කර ඇති දුඹුරු සිනී, සුදු සීනි බව පවසමින් ආනයනය කර තිබිය දී පසුගිය ජනවාරි මස 09 වනදා රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48