පන්සලේ විසන්ධි කළ විදුලිය දසත ලංකා පුවතින් පසු යථා තත්වයට (වීඩියෝ)

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කරනු ලැබූ බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයකට යළිත් විදුලි සැපයුම ලබාදීමට රාජ්‍ය ඇමති චාමර සම්පත් කටයුතු කර තිබෙනවා.

ඒ අදාළ විහාරස්ථානයේ විදුලි විසන්ධි කිරිම සම්බන්ධයෙන් දසත ලංකා ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් අනතුරුවයි.

විදුලිය විසන්ධි කිරීමට ලක්වූ විහාරස්ථානයේ විදුලිබිලෙන් රුපියල් 70000ක් රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික මුදලින් ගෙවා ඇති අතර අනතුරුව විදුලිය යළි ලබාදීමටයි මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

වෙසක් පොහොය පසු වන තෙක් විදුලිය විසන්ධි නොකරැන්නයි ඉල්ලා සිටිය ද ඉහළින් ලැබුණු නියෝගයක් හේතුවෙන් ඊට අනුකුලව කටයුතු කිරීමට සිදුවන බව නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

මෙම විහාරස්ථානයේ විදුලි බිල රුපියල් 90000කට ආසන්න වී ඇති අතර එය ගෙවීමට ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස විසන්ධි කිරීම සිදු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම සිද්ධිය පිළිබඳ දසත ලංකා පුවත් කළ අනාවරණයෙන් පසු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක නායක හිමියන් සමග සාකච්ඡා කර ගෙවීමට තිබුණු රුපියල් අනූ දහසකට අසන්න මුදලින් රුපියල් හැත්තෑ දහසක් ගෙවා විහාරස්ථානයට විදුලිය ලබාදීමට කටයුතු කළා.

https://www.youtube.com/watch?v=NMJSc11q8KU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58