පන්සලේ විසන්ධි කළ විදුලිය දසත ලංකා පුවතින් පසු යථා තත්වයට (වීඩියෝ)

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කරනු ලැබූ බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයකට යළිත් විදුලි සැපයුම ලබාදීමට රාජ්‍ය ඇමති චාමර සම්පත් කටයුතු කර තිබෙනවා.

ඒ අදාළ විහාරස්ථානයේ විදුලි විසන්ධි කිරිම සම්බන්ධයෙන් දසත ලංකා ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් අනතුරුවයි.

විදුලිය විසන්ධි කිරීමට ලක්වූ විහාරස්ථානයේ විදුලිබිලෙන් රුපියල් 70000ක් රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික මුදලින් ගෙවා ඇති අතර අනතුරුව විදුලිය යළි ලබාදීමටයි මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

වෙසක් පොහොය පසු වන තෙක් විදුලිය විසන්ධි නොකරැන්නයි ඉල්ලා සිටිය ද ඉහළින් ලැබුණු නියෝගයක් හේතුවෙන් ඊට අනුකුලව කටයුතු කිරීමට සිදුවන බව නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

මෙම විහාරස්ථානයේ විදුලි බිල රුපියල් 90000කට ආසන්න වී ඇති අතර එය ගෙවීමට ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස විසන්ධි කිරීම සිදු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම සිද්ධිය පිළිබඳ දසත ලංකා පුවත් කළ අනාවරණයෙන් පසු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක නායක හිමියන් සමග සාකච්ඡා කර ගෙවීමට තිබුණු රුපියල් අනූ දහසකට අසන්න මුදලින් රුපියල් හැත්තෑ දහසක් ගෙවා විහාරස්ථානයට විදුලිය ලබාදීමට කටයුතු කළා.

https://www.youtube.com/watch?v=NMJSc11q8KU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05