සීක් ජාතිකයින් උදෙසා වෙනම රාජ්‍යයක් බිහිකරදෙන බවට දේශන පවත්වමින් ආයුධ සන්නද්ධ ආධාරකරුවන් පිරිවරාගෙන සන්නද්ධ අරගලයකට මුලපුරමින් සිටි අම්රිට්පාල් සිං අද (23) උදෑසන පන්ජාබයේ මොගා දිස්ත්‍රික්කයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
29 හැවිරිදි අම්රිට්පාල් සිං අද උදෑසන පොලිසියට බාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ සමගම විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන අසත්‍ය වාර්තාවලට හසු නොවී සාමය හා නීතිය කඩ නොවන අයුරින් සන්සුන්ව දෛනික කටයුතුවල නිරත වන ලෙස ද පංජාබ පොලිසිය සියලුම සීක් ජාතිකයින්ගෙන් ඉල්ලෙමක් ද සිදුකළා.
පකිස්ථාන ඒජන්තවරයෙකු සහ ත්‍රස්ත අනුගාමියෙකු වශයෙන් ඉන්දීය රජය හඳුන්වන අම්රිට්පාල් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කෙරුනේ පසුගිය මාර්තු මස 18 වනදායි.
කෙසේ වෙතත් ඔහු මේ දක්වා පොලිසිය මඟ හරිමින් සැඟව සිටියා.
ඇසෑම් ප්‍රාන්තයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකට රැගෙන යාමට නියමිත අම්රිට්පාල්ට එරෙහිව ඉන්දීය ජාතික ආරක්ෂක පනත යටතේ නඩු පැවරෙනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.