සීක්‌ ජාතිකයින් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලූ අම්රිට්පාල් සිං අත්අඩංගුවට

සීක්‌ ජාතිකයින් උදෙසා වෙනම රාජ්‍යයක් බිහිකරදෙන බවට දේශන පවත්වමින් ආයුධ සන්නද්ධ ආධාරකරුවන් පිරිවරාගෙන සන්නද්ධ අරගලයකට මුලපුරමින් සිටි අම්රිට්පාල් සිං අද (23) උදෑසන පන්ජාබයේ මොගා දිස්ත්‍රික්කයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

29 හැවිරිදි අම්රිට්පාල් සිං අද උදෑසන පොලිසියට බාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ සමගම විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන අසත්‍ය වාර්තාවලට හසු නොවී සාමය හා නීතිය කඩ නොවන අයුරින් සන්සුන්ව දෛනික කටයුතුවල නිරත වන ලෙස ද පංජාබ පොලිසිය සියලුම සීක් ජාතිකයින්ගෙන් ඉල්ලෙමක් ද සිදුකළා.

පකිස්ථාන ඒජන්තවරයෙකු සහ ත්‍රස්ත අනුගාමියෙකු වශයෙන් ඉන්දීය රජය හඳුන්වන අම්රිට්පාල් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කෙරුනේ පසුගිය මාර්තු මස 18 වනදායි.

කෙසේ වෙතත් ඔහු මේ දක්වා පොලිසිය මඟ හරිමින් සැඟව සිටියා.

ඇසෑම් ප්‍රාන්තයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකට රැගෙන යාමට නියමිත අම්රිට්පාල්ට එරෙහිව ඉන්දීය ජාතික ආරක්ෂක පනත යටතේ නඩු පැවරෙනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40