උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පෙරවරු 10.45ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අද දිනයට වලංගු වන ආකාරයෙන්.

එහි දැක්වෙන්නේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වල ජනතාවට විමසිලිමත් වන ලෙසටයි.

එම දිස්ත්‍රික්වල සහ පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවිය හැකි අතර තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුලින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස් පිඬු පෙරළීමේ තත්වයන් ඇතිවිය හැකි බවයි ජනතාවට දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් වැඩ බිම් තුල ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි.

නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම ද අත්‍යවශ්‍ය වනවා.

කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතුයි. ඊට අමතරව සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසට ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07