අයර්ලන්තය සමග පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැැවත්වෙන ටෙස්ට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා නම් කළ මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් සහ කඩුලු රකින ක්‍රීඩකයින් ලෙසට නිශාන් මදුෂංක මෙන්ම සධීර සමරවික්‍රම ඇතුලත්.

රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, දුෂාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක 15 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය නියෝජනය කරනවා.

නවසීලන්ත තරග සංචාරයේදී වැඩි කාර්ය භාර්යයක් ඉටු කිරීම හේතුවෙන් මෙම සංචිතයෙන් ලහිරු කුමාර සහ කසුන් රාජිත ඉවත් කළ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Image 2023 04 12 at 17.23.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23