උමාඔය ව්‍යාපෘතිය ජූනි මාසය වනවිට ජනතා අයිතියට

උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය ලබන ජූනි මාසය වනවිට ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඊයේ (03) උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රම ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සහ නිරීක්ෂණය කිරීම සදහා එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් මසකට ගල් අඟුරු නැව් 3ක් සදහා වැයවන ඩොලර් ප්‍රමාණය රටට ඉතිරි කරගත හැකි වනු ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියාසිටියේ රටේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එකතු කළ හැකි බවයි.

මොරනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල පානීය ජලය හා වාරි ජල අවශ්‍යතාව සැපයීම ද මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිතයි.

2008 වසරේදී ආරම්භ කෙරුණ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය කලින් කලට පැමිණි විවිධ බාධා ඔස්සේ මේ වනවිට සියයට 97කින් වැඩ අවසන් වී ඇති අතර ලබන ජුනි මාසය වන විට උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරිමට හැකි වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48