විශ්‍රාම වැටුප් අද බැංකුවලට

ජනවාරි මාසයට අදාළ විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද දිනයේ මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

භාණ්ඩාගාරයේ මූල්‍ය තත්වය හේතුවෙන් මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බවයි ඔහු සඳහන් කළේ.

විශ්‍රාම වැටුප සඳහා මාසිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2600ක් පමණ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්