නඩත්තු කටයුත්තක් සඳහා අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (08) හෝ හෙට (09) දිනයේ දී යළිත් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමත් සමඟ මෙගාවොට් 270ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ගියා.
ගල්අඟුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රීය කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




