අලුත් අවුරුදු කෑම විෂ වී ඇඟළුම් කර්මාන්තශාලාවක 300ක් රෝහලේ (ඡායාරූප)

ගාල්ල – කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ආහාර විෂ වීමකින් රෝහල් ගතකර තිබෙනවා.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ එම පිරිස ගාල්ල කරාපිටිය, අහංගම, ඉමදූව, හබරාදූව ඇතුළු රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි.

නව වසර සැමරීම වෙනුවෙන් ඇඟළුම් කර්මාන්තශාලාවේ ඊයේ (02) දහවල් පැවති සාදයක් අතර තුර ආහාර ලබාගත් පිරිස අතුරින් 300ක පමණ පිරිසක් මෙලෙස රෝගාතුරව රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උත්සවය වෙනුවෙන් පුද්ගලික ආයතනයක් මඟින් ආහාර සපයා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් ලබා දී ඇති උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා අදාළ ඇඟළුම් කර්මාන්තශාලාවට සහ ආහාර සැපයුම් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

අදාළ කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?