මෙරට බුද්ධි අංශයේ පසුබෑමක් ද ? – බන්දුලට සැකයක්

ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන ගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළ පුවත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවදානයට යොමුවූවේ දැයි අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රශ්නයක් යොමු වුණා.

එහිදී ඊට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සඳහන් කර සිටියේ අදාළ පුවත් සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල රැස්වීමේ දී අවදානයට ලක් නොවූ බවයි.

රාජ්‍ය ආරක්ෂාව භාරව සිටින අමාත්‍යවරු විසින් ඉදිරියේ දී ඒ පිළිබඳව පිළිතුරක් ලබාදෙන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

මේ අතර මෙරට බුද්ධි අංශයේ පසුබෑමක් ඇත්ත යන්න සැකයක් පවතින බව අමත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?