ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන ගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළ පුවත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවදානයට යොමුවූවේ දැයි අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රශ්නයක් යොමු වුණා.
එහිදී ඊට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සඳහන් කර සිටියේ අදාළ පුවත් සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල රැස්වීමේ දී අවදානයට ලක් නොවූ බවයි.
රාජ්‍ය ආරක්ෂාව භාරව සිටින අමාත්‍යවරු විසින් ඉදිරියේ දී ඒ පිළිබඳව පිළිතුරක් ලබාදෙන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.
මේ අතර මෙරට බුද්ධි අංශයේ පසුබෑමක් ඇත්ත යන්න සැකයක් පවතින බව අමත්‍යවරයා මෙහිදී සඳහන් කළා.














dannema nahe. baba ne oya. eyi sallli walin jeewthwena un ihala sita pahalatama innawa. Uwa dubai walin allala mehe aya gennala bara deela, mehe nadu dannama mona tharam kalayak giya dha. nadu giyeth adhi adhee. ehema amaruwen allagena apu ewun epa illuwama denne eyi. eyi eyala wenuwen penee inne. dan aye allagena inne epa illapu deepu ayadha? kawudha wagakeema ganne? mokek wath nahe. Biththara walata kaleth mekama thamayi. rs.25 denna hako eka dunne 50 ta. ita passe niyogaya ath hitewwwa. dan 75-80yi. gedara 4 denek innawa nam gana 320k wenawa. kawudha wagakeema ganne? kawuruth nahe. hamoma inne podhu mahajanayata wirudhdha paththe. ekek nahe minissunge paththata. chandayak awama aye gonnu wageyi mun gihin gahanawa illana ekage sarama ussala p.u.k.a tama. un innakam meka hadanna bahe.