නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සරසවි සිසුවා මිය ගිහින්

කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බව වාර්තා වනවා.

අදාළ සිසුවා ඊයේ නේවාසිකාගාරය තුළ දී මෙලෙස සිහිසුන්ව ඇද වැටී ඇති අතර, පසුව එම සිසුවා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ සිසුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙසේ මියගොස් ඇත්තේ එම තාක්ෂණ ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 25ක සිසුවෙක්.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දිනයේ පැවැත්වීමට නියමිත අතර මේ වනවිට එය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?