නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සරසවි සිසුවා මිය ගිහින්

කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බව වාර්තා වනවා.

අදාළ සිසුවා ඊයේ නේවාසිකාගාරය තුළ දී මෙලෙස සිහිසුන්ව ඇද වැටී ඇති අතර, පසුව එම සිසුවා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ සිසුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙසේ මියගොස් ඇත්තේ එම තාක්ෂණ ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 25ක සිසුවෙක්.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දිනයේ පැවැත්වීමට නියමිත අතර මේ වනවිට එය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59