ෂාෆ්ටර් ඝාතනයට අදාළව ඩී.එන්.ඒ වාර්තා කැඳවන්නයි අධිකරණයෙන් නියෝග

ජනශක්ති ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව එම අපරාධ ස්ථානයේ තිබූ නඩු භාණ්ඩ සහ රුධිර සම්පල් පරීක්ෂා කර ඩී එන් ඒ වාර්තා සහ රස පරික්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (02) නියෝග කළා.

මරණයට පත් දිනේෂ් ෂාෆ්ටර් සිටි වාහනයේ තිබු රුධිර සාම්පල්, ඇඟිලි සලකුණු මෙන්ම මරණකරුගේ ඇඳුම් පැළදුම්, නියපොතු හිසකෙස් ආදිය පරීක්ෂාවට ලක් කර ඩී එන් ඒ වාර්තා මෙන්ම රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය රස පරීක්ෂකවරයාට නියම කළ අතර

අද (02) දින බොරැල්ල පොලීසිය රස පරීක්ෂක වාර්තා කැදවීමට අවශ්‍ය නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම නඩු භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණය පොලීසිය කළ ඉල්ලීමට අවසර ලබා දුන් අතර මෙම සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බවත් පුළුල් ලෙස විමර්ශන තවදුරටත් සිදුකරමින් සිටින බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?