ෂාෆ්ටර් ඝාතනයට අදාළව ඩී.එන්.ඒ වාර්තා කැඳවන්නයි අධිකරණයෙන් නියෝග

ජනශක්ති ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව එම අපරාධ ස්ථානයේ තිබූ නඩු භාණ්ඩ සහ රුධිර සම්පල් පරීක්ෂා කර ඩී එන් ඒ වාර්තා සහ රස පරික්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (02) නියෝග කළා.

මරණයට පත් දිනේෂ් ෂාෆ්ටර් සිටි වාහනයේ තිබු රුධිර සාම්පල්, ඇඟිලි සලකුණු මෙන්ම මරණකරුගේ ඇඳුම් පැළදුම්, නියපොතු හිසකෙස් ආදිය පරීක්ෂාවට ලක් කර ඩී එන් ඒ වාර්තා මෙන්ම රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය රස පරීක්ෂකවරයාට නියම කළ අතර

අද (02) දින බොරැල්ල පොලීසිය රස පරීක්ෂක වාර්තා කැදවීමට අවශ්‍ය නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම නඩු භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණය පොලීසිය කළ ඉල්ලීමට අවසර ලබා දුන් අතර මෙම සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බවත් පුළුල් ලෙස විමර්ශන තවදුරටත් සිදුකරමින් සිටින බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00