මව විසින් වස පොවා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර ඒවා තිබූ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 05 හැවිරිදි වියේ පසුවූ දරුවෙක් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
එම දරුවා සමඟ රෝහල් ගත කළ 08 හැවිරිදි වියේ පසුවන අනෙක් දරුවා මේ වනවිට ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබනවා.
මීරිගම, ලෝලුගොඩ ප්‍රදේශයේ මවක් පසුගිය දා තම දරුවන් දෙදෙනාට ද වස පොවා ඇය ද වස පානය කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.
වස පානය කළ අදාළ මව ද මේ වනවිට රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවයි තොරතුරු දැනගන්නට ලැබුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




