හෙට (02) දුම්රිය ධාවනය ගැන අනතුරු ඇඟවීමක්

හෙට (02) දිනයේදී දුම්රිය 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

පසුගිය දෙසැම්බර් 31 වනදා සිට දුම්රිය සේවයේ 500කට ආසන්න සේවකයින් විශ්‍රාම ගැනීම මෙම ගැටලුවට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ ඊයේ දිනයේ පමණක් දුම්රිය ගමන් වාර 44ක් අවලංගු කිරීමට සිදුවූ බවයි.

අද දිනයේ ගමන් වාර 7ක් අවලංගු කර ඇති අතර හෙට මෙම සංඛ්‍යාව 60 ත් 70 ත් අතර විය හැකියි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

හෙට දිනයේ මගීන් දුම්රිය ස්ථාන වෙත පැමිණ දුම්රිය ධාවනය කරන ලෙස ඉල්ලා සිටීම නිසා ගැටුම් ඇති විය හැකි බව ද ඔහු අනතුරු අඟවනවා.

දුම්රිය නොමැතිවීම හේතුවෙන් වසරේ පළමු දිනයේ රාජකාරි වෙනුවෙන් සේවා ස්ථාන වෙත යන මගීන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

විශ්‍රාමික සේවකයන්ගේ සේවය අවශ්‍ය පරිදි කොන්ත්‍රාත් පදනම මත ලබා ගැනීමට ප්‍රතිපාදන මෙතෙක් සිදු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරවා ගැනීමට නව ස්ථානාධිපතිවරුන් බඳවා ගත්ත ද ඔවුන්ගේ තනතුරු ස්ථිර නොකිරීම හේතුවෙන් නුදුරු අනාගතයේ දී මාතර සහ බෙලිඅත්ත අතර දුම්රිය ස්ථාන වසා දැමීමට සිදු විය හැකි බව ද සුමේධ සෝමරත්න ප්‍රකාශ කරනවා.

ඉදිරි සතිය තුළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරන බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?