උත්සව සමයෙන් පසු බිත්තර බෙදාහැරීමේ ජාලය පෙර පැවති තත්ත්වයට

උත්සව සමය නිමා වීමත් සමඟ බිත්තර බෙදාහැරීමේ ජාලය පෙර පැවති ආකාරයෙන් ශක්තිමත් කිරීමට හැකියාව පවතින බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

කුකුල් ගොවිපොළවල් වලින් බිත්තර එකතුකර ලොරි රථ මඟින් දිවයිනේ නගර කිහිපයකට බිත්තර බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ලැබුවේ බිත්තර මිල ඉහළ යෑම වළක්වා ගැනීමේ අරමුණින් තාවකාලික ක්‍රමවේදයකට බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

උත්සව සමය අවසන්ව කේක් ඇතුළු බේකරි නිෂ්පාදන නිෂ්පාදනය අඩුවීමත් සමඟ බිත්තර ලක්ෂ 20ක පමණ ඉතිරියක් සිදුවන බවයි ඔහු පවසන්නේ.

ඒ, අනුව එම බිත්තර හෙට දිනයේ සිට සාමාන්‍ය වෙළෙඳපොළට පැමිණෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

මේ අතර ලබන වසරේ මුල් මාසය වන විට බිත්තර ඉල්ලුම අඩුවීම හමුවේ බිත්තර සිල්ලර මිල අඩුවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?