උත්සව සමයෙන් පසු බිත්තර බෙදාහැරීමේ ජාලය පෙර පැවති තත්ත්වයට

උත්සව සමය නිමා වීමත් සමඟ බිත්තර බෙදාහැරීමේ ජාලය පෙර පැවති ආකාරයෙන් ශක්තිමත් කිරීමට හැකියාව පවතින බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

කුකුල් ගොවිපොළවල් වලින් බිත්තර එකතුකර ලොරි රථ මඟින් දිවයිනේ නගර කිහිපයකට බිත්තර බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ලැබුවේ බිත්තර මිල ඉහළ යෑම වළක්වා ගැනීමේ අරමුණින් තාවකාලික ක්‍රමවේදයකට බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

උත්සව සමය අවසන්ව කේක් ඇතුළු බේකරි නිෂ්පාදන නිෂ්පාදනය අඩුවීමත් සමඟ බිත්තර ලක්ෂ 20ක පමණ ඉතිරියක් සිදුවන බවයි ඔහු පවසන්නේ.

ඒ, අනුව එම බිත්තර හෙට දිනයේ සිට සාමාන්‍ය වෙළෙඳපොළට පැමිණෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

මේ අතර ලබන වසරේ මුල් මාසය වන විට බිත්තර ඉල්ලුම අඩුවීම හමුවේ බිත්තර සිල්ලර මිල අඩුවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවාගෙන ගිහින් විකිණූ හැටි
01:21
Video thumbnail
අධික වේගයෙන් ගිය ප්‍රයිවට් බස් එක ලංගම බසයක ගැටෙයි
00:56
Video thumbnail
බොරුවට රඟපාන්න එපා - පලවත්තට ගිහින් ප්‍රශ්නේ විසඳගන්න
07:51
Video thumbnail
පැලවත්තේ කණ්ඩායමක් තමයි මල්වානට ගිහිල්ලා තියෙන්නේ
04:10
Video thumbnail
මේ ආණ්ඩුවට වැඩි කාලයක් නෑ - වැඩ්ඩෝ ඉන්න සජබයට බලය දෙන්න
16:24
Video thumbnail
අද ආයෝජකයන් බයවෙලා - රට නැවත විනාශ කරන්න එපා
10:46
Video thumbnail
අන්තරේ සෙට් එක දැඩි තීන්දුවක් ගනී - සාකච්ඡාව ගැන අසාර්ථක වුණොත් කරන්න යන දේ
06:19
Video thumbnail
මහින්ද රාජපක්ෂට කිසිම ලෙඩක් නෑ - ඉලංදාරියෙක් වගේ ඉන්නවා
09:30
Video thumbnail
ගෝඨා ගිය පාරේමයි යන්නේ - ඊට වඩා ලොකු කෑමක් කන එක ෂුවර්
12:26
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවපු කෙනා උසාවියට - 29 දක්වා රිමාන්ඩ්
00:49