ලබන 20 වැනිදා නාමල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග – ජානකීත් එදින දක්වා රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (06) නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ⁣ එදිනට බන්ධනාගාරයේ සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කළා.

මෙම සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ⁣ පෙර නඩු දිනයේ දී ඇප මත මුදා හැර තිබුණා.

බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධියට අදාලව සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ⁣ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද (06) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ⁣ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අයට අල්ලස් කොමිසම විසින් පවරා තිබෙනවා.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව ඉකුත් 03 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ⁣ ඇප මත මුදා හැර තිබුණද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24 ක් අධිචෝදනා ගොනු කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාප්පක්ෂ බන්ධනාගාරයේ තබාගෙන ලබන 19 දින කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඉකුත් 28 වැනිදා බන්ධනාගාරයට නියෝග කර තිබෙනවා.

එම නිසා ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට ඇප හිමි වුවද එයාර් සිද්ධියට අදාලව බන්ධනාගාර භාරයේ සිට අද (06) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.