නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු අර්ධ අවසන් තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දීය A කණ්ඩායම් නායක තිලක් වර්මා සමත් වුණා.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා.
තරගාවලිය මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල අපරාජිතයන් ලෙස අවසන් පූර්ව වටයට පිවිසි අතර, ඉන්දීය පිල ‘බී’ කාණ්ඩයෙන් තරග කරමින් පාකිස්ථානය හමුවේ පරාජය වීම හේතුවෙන් දෙවැනි ස්ථානයෙන් මෙම තරගය සඳහා එක්ව තිබෙනවා.
දෙවැනි අර්ධ අවසන් තරගය පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.










