වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ අද (25) අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.
මෙම නඩුකරය අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී විත්තිකාරියක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ විත්තිකාරිය අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.
ඒ අනුව, එම චෝදනාවට අදාල දඬුවම් නියම කිරීම ලබන ජනවාරි 14 දිනට කල් තැබීමට අධිකරණය දින නියම කළා.
ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්රනොමැතිව මෙරට රැඳීසිටිමින් ආගමන විගමන පනත උල්ලංඝණය කළ බවට මෙම චුදිතට එරෙහිව නගා තිබූ චෝදනාවන් වනවා.
