Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කස්සප හිමිට සහ රාජාංගනේ සද්ධාරතනට ඇප

අනුරාධපුර රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහයක් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධාගාර ගත කරනු ලැබූ, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අද (26) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, බලංගොඩ කස්සප හිමි සහ චීවරධාරී රාජාංගනේ සද්ධාරතන ඇතුළු 11 දෙනෙකු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.