බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්රකාශ කර නැහැ.
2024 වසරේ අවසන් භාගයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙඩ ගාමිණී ජාසිංහ පත් කරනු ලැබුවා.
