Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යෝෂිත රාජපක්ෂගේ නඩුව ලබන 03 වැනිදාට කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අතර එම අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී මූලික සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වනදා දක්වා කල් බීමට අධිකරණය නියම කළා.