මහවෙල පොලිස් වසමේ කොබ්බැහැර හන්දියේ සිට කන්දවත්ත දක්වා ගමන් ගන්නා අතුරු මාර්ගයේ බෝමේරුව වැව අසලදී කන්දවත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (05) දින දහවල් සිදු වූ මෙම අනතුරේ දී යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, විදුලි රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරුවන් දෙදෙනෙකු මාදිපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 15ක් වූ මිල්ලවාන ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මහවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
