ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවට සහය දැක්වීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ සභාවට (කෝපා කමිටුවට) සහය දැක්වීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කෝපා කමිටු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

කෝපා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා ඇගයීම් සංගමය ( Sri Lanka Evaluation Association / SLEvA) සම්පත් දායකත්වය ලබාදීම සිදුවූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය කියාසිටියේ.

ජාතික ඇගයීම් පනත් කෙටුම්පතේ මූලික කටයුතු අවසන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමේදී ඇගයීම් ඒකකයක් සථාපිත කිරීමට ඇති හැකියාව පිළිබදව ද කරුණු ඉදිරිපත් වූ බව සඳහන්.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා.

විධිමත් ජාතික ඇගයීම් ක්‍රියාවලියක අවශ්‍යතාව අවධාරණය කළ කෝපා සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ මෙම වැඩසටහන මූලික සාකච්ඡාවක් වන තර ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස මේ පිළිබදව සාකච්ඡා කර අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?