ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවට සහය දැක්වීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

රාජ්‍ය ආයතනවල ඇගයීම් ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ සභාවට (කෝපා කමිටුවට) සහය දැක්වීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කෝපා කමිටු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

කෝපා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා ඇගයීම් සංගමය ( Sri Lanka Evaluation Association / SLEvA) සම්පත් දායකත්වය ලබාදීම සිදුවූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය කියාසිටියේ.

ජාතික ඇගයීම් පනත් කෙටුම්පතේ මූලික කටයුතු අවසන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් ස්ථාපිත කිරීමේදී ඇගයීම් ඒකකයක් සථාපිත කිරීමට ඇති හැකියාව පිළිබදව ද කරුණු ඉදිරිපත් වූ බව සඳහන්.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා.

විධිමත් ජාතික ඇගයීම් ක්‍රියාවලියක අවශ්‍යතාව අවධාරණය කළ කෝපා සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ මෙම වැඩසටහන මූලික සාකච්ඡාවක් වන තර ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස මේ පිළිබදව සාකච්ඡා කර අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට අපේක්ෂා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10