දේශගුණික විපර්යාස අවම කරන විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජයේ අවධානය

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය (carbon neutrality) ලබාගැනීම, කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමයි රජයේ සැලසුම වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

සහනදායි දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳ පොළ, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දැනුම මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි නිලධාරීන් සමඟ හුවමාරු කර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

පුනර්ජනීය බලශක්තිය සම්බන්ධව ද අදහස් දැක්වූ සෝල්හයිම් මහතා ඉන්දියාව සහ චීනය වැනි රටවල් එහි ප්‍රබල වාසි රැසක් හිමි කර ගෙන සිටින බවත්, ශ්‍රී ලංකාවට ද එම වාසි අත් කර හැකි බවත් පෙන්වා දෙනු ලැබුවා.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි සෝල්හයිම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මෙහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේ පුනර්ජනනීය බලශක්ති අංශය වේගයෙන් වර්ධනය වන අංශයක් වන අතර යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල එවැනි ආයෝජකයන් විශාල වශයෙන් සිටින බවයි.

ඒ අනුව මෙරට ජනතාවට වාසි අත්වන පරිදි එම ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සඳහන් කළා.

එසේම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව සමුළුවක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ තුළින් ආයෝජකයන් අප රටට ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?