දේශගුණික විපර්යාස අවම කරන විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජයේ අවධානය

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක ඉලක්කයකට ළඟා කර ගැනීම, 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය (carbon neutrality) ලබාගැනීම, කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සොයා යෑම යන ඉලක්ක තුන සපුරා ගැනීම සඳහා විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමයි රජයේ සැලසුම වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

සහනදායි දේශගුණික මූල්‍යකරණය, කාබන් බැර කිරීම, කාබන් වෙළෙඳ පොළ, පුනර්ජනනීය බලශක්තිය සහ හයිඩ්‍රජන් වැනි අනාගත බලශක්ති ප්‍රභව පිළිබඳව සෝල්හයිම් මහතා සිය ජාත්‍යන්තර දැනුම මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි නිලධාරීන් සමඟ හුවමාරු කර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

පුනර්ජනීය බලශක්තිය සම්බන්ධව ද අදහස් දැක්වූ සෝල්හයිම් මහතා ඉන්දියාව සහ චීනය වැනි රටවල් එහි ප්‍රබල වාසි රැසක් හිමි කර ගෙන සිටින බවත්, ශ්‍රී ලංකාවට ද එම වාසි අත් කර හැකි බවත් පෙන්වා දෙනු ලැබුවා.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට බලපා ඇති සියලු ප්‍රශ්න විසඳනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි සෝල්හයිම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මෙහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේ පුනර්ජනනීය බලශක්ති අංශය වේගයෙන් වර්ධනය වන අංශයක් වන අතර යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල එවැනි ආයෝජකයන් විශාල වශයෙන් සිටින බවයි.

ඒ අනුව මෙරට ජනතාවට වාසි අත්වන පරිදි එම ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා, ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සඳහන් කළා.

එසේම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව සමුළුවක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ තුළින් ආයෝජකයන් අප රටට ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56