ගිනි අවියක් නිපදවු පුද්ගලයෙක් අත්අඩංගුවට

හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන ලද පුද්ගලයකු අද (30) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .

මෙම පුද්ගලයා යූ ටියුබ් දර්ශණ නරඹමින් මෙම ගිනි අවිය නිපදවා තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව , තල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව පොලිසිය කීය.

සැකකරු කලක් මත්කුඩු පානයට ඇබ්බැහිව සිට පුනරුත්ථාපනය වී පැමිණ සිටීන පුද්ගලයකු බවද සදහන් වේ.

ඉවතලන ප්ලාස්ටික් කොටස්, සුදුයකඩ කොටස්, ස්ප්‍රීන් , යකඩ සහ ඇලුමිනියම් බට ගිනි අවිය නිපදවීම සදහා උපයෝගී කරගෙන ඇති බවත් ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා දුර දක්නයක්ද සවිකර තිබූ බවද පොලිසිය පවසයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?