ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වරදකරුවකු බවට මෙතෙක් ඔප්පු වී නොමැති නිසා ඔහු නිර්දෝෂීයි කියන පදනමේ සිට අවශ්‍ය නීති සහාය ලබාදෙන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.
මේවනවිට ධනුෂ්කට අවශ්‍ය නීතිඥ සහාය ලබාදී ඇතැයි කී ඇමැතිවරයා ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස නිල වශයෙන් වන බැවින් ඔහු සම්බන්ධයෙන් සොයා බැලීම රජයේ වගකීමක් බව ද කියා සිටියේය. ඔහු නීති විරෝධී ක්‍රියාවක් සිදු කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමක් බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසයි
යම් අයුරකින් ඔහු වරදකරු වී දඬුවම් පැමිණවීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී තීරණයක් ගන්නා බවයි ඇමැතිවරයා සඳහන් කළේය.
මේවන විට විදෙස් මාධ්‍ය මේ වනවිට තොරතුරු රැසක් හෙළිදරව් කර තිබේ. ස්ත්‍රී දුෂණ චෝදනාව පිළිබඳ පොලිස් වාර්තාවේ තොරතුරු හෙළිදරව් කිරීමට සිඩ්නි අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා.














Yes boss.If it were case of our most respected lawyer of GhoTab
The case would bvae been dismissed by courts in the request of .this Great lawyer