අලි පැටවුන්ට හක්ක පටස් තබා මරා දැමු තිරිසන් මිනිස්සු

කහටගස්දිගිය වනජිවි කලාපයට අයත් නබඩවැව රක්ෂිත වල පසුගිය දින කිපය තුල දී වනජිවි දේපාර්තමෙන්තු මගින් ක්‍රියාත්මක කරන නියම් සමයේ විශේෂ වැටලීම් රාජකාරි වලදී සත්ව දඩයමේ ගිය පිිරිස් සොයා දිගින් දිගටම මෙහෙයුම් දියත් කල අතර එම මෙහෙයුම් අතර වාරයේ හක්කපටස් තබා ඌරන් දඩයම් කල දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට කහටගස්දිගිය බීට්ටු වනජිවි කාර්යාලයේ නිළධාරින් සමත්විය.

දඩයම් කර මරාදමා තිබු වල් ඌරා මස් කරමින් සිටින අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වන සතුන්ට ආහාරයට දී සතුන් දඩයම් කිරිම සදහා භාවිතා කිරිමට යොදා ගන්න බව සැක කරණ හක්කපටස් 03 ඔවුන් සන්තකයේ තිබීයදී වනජිවි නිළධාරින්ගේ අත් අඩංගුවට ගත් අතර ,

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙලුගොල්ලාකඩ කහටගස්දිගිලිය ලිපිනයේ පදිංචි එස්.ප්‍රියංකර ,එන්.නන්දසිරි යන සක කරුවන් හා ඔවුන් සන්තකයේ තිබු හක්කපටස් හා ඝාතනය කර තිබු වල් ඌරා ඊයේ (18) දින කහටගස්දිගිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් 80000/= මුදලක් දඩ නියම කර තිබෙනවා.

කහටගස්දිගිය වනජිවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අරුන දිසානායක මහතා පවසා සිටියේ පසුගිය වසරකට ආසන්න කාලයක් තුල කහටගස්දිගිය වනජිවි බල ප්‍රදේශය තුල හක්කපටස් ආහාරයට ගත් වන අලි පැටවුන් 10 වැඩි පිරිසක් මුඛයේ සිදුවු තුවාල හේතුවෙන් ආහාර ගැණිමට නොහැකිව මිය ගොස් ඇති බවත් ඌරන් මුවන් ගෝණුන් විශාල පිරිසක් හක්පටස් ආහාරයට ගෙන මියගොස් ඇති බවත් ඒ අතරින් සැක කරුවන් 30 ආසන්න පිරිසක් හදුනාගෙන අත් අඩංගුවට ගෙන කහටගස්දිගිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කොට දඩම නියම කර ඇති බවයි.

https://youtu.be/TGjJbQQJufI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගන ශිල්පි ආනන්ද අතුකෝරළ සංවේදී වී හැමෝගෙන්ම ඉල්ලපු දේ..පුළුවන් කෙනෙක් ජීවත් කරවන්න උදව් කරන්න
02:07
Video thumbnail
ආනන්ද පාලිත කවියකින්ම ආණ්ඩුවට දෙසයි - ලාල්කාන්ත සූදූ ගහලා කොටස් වෙළෙඳපොළේ
04:42
Video thumbnail
මේ ආණ්ඩුවෙන් අලුතෙන් පන්සල් හදන්න එපා කියලා නියෝග දීලා ?..මිහින්තලේ හිමි කුපිත වී හොඳටම දෙසයි
03:56
Video thumbnail
Live දුන්න එකා ඇවිත් අපිට චණ්ඩි පාට් දාලා යනවා..මිහින්තලේ ස්ථානාධිපති වගකියන්න ඕනි
04:12
Video thumbnail
මිහින්තලේ හිමිව එලවලා කියලා බොරු කියලා - සිවිල් සංවිධාන හදිසියේම මිහින්තලේ හිමි බැහැ දකින්න එයි
15:24
Video thumbnail
ඇමැතිලා ඩබල කරපු ඇස් බැන්දුම මෙන්න.."මන් බින්දොත් මුට්ටියක් ගේන්න සල්ලි දෙන්න වෙනවනේ"
02:22
Video thumbnail
විමල් කුපිත වී හොඳ පදෙන්ම දෙසයි - අඟුරු කුමාරයාගේ නායකයා කැසිනෝ ධම්මික
07:38
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45