අවුරුදු දවසේ දී ලක්ෂ ගණනක් මංකොල්ල කෑ බවට අකුරැස්ස පොලිසියට චෝදනාවක්

අකුරැස්ස, පෝරඹ පටුමග ප්‍රදේශයේ නිවසක පෙරේදා (14) දිනයේ දී පැවති අවුරුදු සාදයක් නිමවා රාත්‍රී 07.30ට පමණ සිය නිවෙස්වලට යාමට පැමිණි පුද්ගයන් අටදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන එම පිරිස අතර සිටි තිදෙනෙක් සන්තකයේ තිබූ තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් අකුරැස්ස පොලිසියේ අවිගත් නිළධාරින් පිරිසක් මංකොල්ල කෑ බව චෝදනා එල්ලවනවා.

අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේ එලෙස පැමිණ ඇත්තේ මංකොල්ලකරුවන් පිරිසක් බවට සිතූ සාදයේ සිටි පිරිස ඔවුන් සන්තකයේ මුදල් සහ රන් භාණ්ඩ පවතින නිසාවෙන්, ඒ සම්බන්ධයෙන් බියට පත්ව දිව යාමට උත්සහ කර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස දිව යන අවස්ථාවේ දී පිරිසක් පොලිස් නිලධාරීන්ට හසු වී ඇති අතර එවිට ඔවුන්ට පහර දී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

පොලිස් නිළ ඇඳුමෙන් පවා නොමැති සිටි නිළධාරින් සිව්දෙනෙක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබූ මුදල් එම නිලධාරීන් සිය භාරයට ගෙන ඇති අතර, පසුව එම ස්ථානයේ තිබූ වෑන් රථයකට නංවා ගෙන අදාළ අත්අඩංගුවට ගත් පිරිස අකුරුස්ස පොලිසිය වෙත රැගෙන ගිය බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් පසුව ඇප ලබා පොලිසියෙන් පිටතට පැමිණීමේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලබා ගත් මුදල්වලින් සුළු කොටසක් පමණක් ලබා දුන් බවත් මේ සම්බන්ධයෙන් කිසිවෙකුටත් නොකියන ලෙසට ද බිය ගැන්වූ බවත්, සිද්ධියට මුහුණදුන් පිරිස පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
14
+1
1
+1
7
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18