ඇමරිකානු ජනාධිපතිවරයා විවේචනය කරන පාප් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නෑ – ට්‍රම්ප්ගෙන් සැර කතාවක්

ටෙහෙරානය ඔවුන්ගේ න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට අකමැතිවීම හේතුවෙන් ඉරානය සමඟ සෘජු සාකච්ඡා අසාර්ථක වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශීය සහ විගමන ප්‍රතිපත්ති, 14 වන ලියෝ පාප් වහන්සේ විසින් විවේචනය කිරීමට ට්‍රම්ප් ප්‍රතිචාර දකවා තිබෙනවා.

සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප්, ශුද්ධෝත්තම පාප් වහන්සේට ප්‍රතිචාර දක්වා ඇත්තේ.

ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ තබා ඇති සටහනේ කොටසක මෙලෙස දැක්වෙනවා,

“ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබීම සුදුසු යැයි සිතන පාප් වහන්සේ කෙනෙකු මට අවශ්‍ය නැත. ඇමරිකාව වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීම භයානක දෙයක් යැයි සිතන පාප් වහන්සේ කෙනෙකු මට අවශ්‍ය නැත. වෙනිසියුලාව යනු එක්සත් ජනපදයට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය එවූ සහ ඊටත් වඩා නරක ලෙස මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු ඔවුන්ගේ බන්ධනාගාර අපේ රටට හිස් කළ රටකි.
එමෙන්ම එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විවේචනය කරන පාප් වහන්සේ කෙනෙකු මට අවශ්‍ය නැත, මන්ද මා කරමින් සිටින්නේ විශිෂ්ඨ ජයග්‍රහණයකින් මා තේරී පත් වූයේ කුමක් සඳහා ද එයමයි; එනම් අපරාධ වාර්තාගත ලෙස අඩු කිරීම සහ ඉතිහාසයේ ශක්තිමත්ම කොටස් වෙළඳපොළ නිර්මාණය කිරීමයි. ලියෝ ස්තූතිවන්ත විය යුතුය, මන්ද කවුරුත් දන්නා පරිදි ඔහු කම්පන සහගත පුදුමයකි. ඔහු පාප් ධුරය සඳහා වන කිසිදු ලැයිස්තුවක නොසිටි අතර, පල්ලිය ඔහුව එහි තැබුවේ ඔහු ඇමරිකානුවෙකු වූ නිසා සහ ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සමඟ ගනුදෙනු කිරීමට හොඳම ක්‍රමය එය යැයි ඔවුන් සිතූ බැවිනි. මා ධවල මන්දිරයේ නොසිටියේ නම්, ලියෝ වතිකානුවේ නොසිටිනු ඇත. අවාසනාවකට මෙන්, ලියෝ අපරාධ සම්බන්ධයෙන් දුර්වල වීම සහ න්‍යෂ්ටික ආයුධ සම්බන්ධයෙන් දුර්වල වීම මට දිරවන්නේ නැත. එමෙන්ම දේවස්ථානයට යන්නන් සහ පූජකයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූ වාමාංශික පරාජිතයෙකු වන ඩේවිඩ් ඇක්සෙල්රොඩ් වැනි ඔබාමා හිතවාදීන් ඔහු හමුවීම ද මට දිරවන්නේ නැත.
ලියෝ පාප් වහන්සේ ලෙස තම කටයුතු නිසි ලෙස සකසා ගත යුතුය, සාමාන්‍ය බුද්ධිය භාවිත කළ යුතුය, රැඩිකල් වාමාංශිකයන් පිනවීම නතර කළ යුතුය, දේශපාලනඥයෙකු නොවී ශ්‍රේෂ්ඨ පාප් වහන්සේ කෙනෙකු වීමට අවධානය යොමු කළ යුතුය. එය ඔහුට බෙහෙවින් හානි කරන අතර, වඩාත් වැදගත් ලෙස, එය කතෝලික පල්ලියට හානි කරයි.”

  1. මූට නම් ඇත්තටම පිස්සු.. මුට චන්දෙ දුන්නු එවුන්ගෙන් අහන්න තියෙන්නෙ ” දැන් ෂැපායිද….. කියලයි.

  2. බලාගෙන ගියාම පාප්වහන්සේවත් පත්කරලා තියෙන්නෙ ට්‍රම්ප් කාරයනේ
    ඒ කියන්නෙ මේක දේශපාලන පත්වීමක්ද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14