අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව කැඳවයි

අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් අනුයුක්ත කර ඇති බව වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් මීට පෙර මෙම මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරනු ලැබුවා.

අප්‍රේල් මස 17 වනදා සිට මෙම මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදී ඇති අතර, කටුනායක සිට කොට්ටාව දක්වා සහ කොට්ටාව සිට මත්තල දක්වා මෙම මුදාගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් මීරිගම අධිවේගී මාර්ගයේ මුදාගැනීමේ මෙහෙයුම් තව දුරත් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරනු ලබනවා.