ආමි සුරංග ගිනි අවියක් සමග මුල්ලේරියාව පොලිස් අත්අඩංගුවට…

බුද්ධික ප්‍රසාද් හෙවත් ආමි සුරංග සහ චාමර චතුරංග යන පාතාල සාමාජිකයින් දෙදෙනා මුල්ලේරියාව පොලිස් වසමේ වල්පොල දී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට පත්වුණා..

සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ආමි සුරංග නැමැති පුද්ගලයා පාතාල කණ්ඩායම් නායකයෙකු වූ ඌරු ජුවා ගේ සහ ගොත අසංක ගෙ කණ්ඩායමේ ධනුෂ්ක ආරියවංශ නොහොත් රංග යන අයගේ සොහොයුරා ද වනවා..

ආමි සුරංග යන පාතාල සාමාජිකයා මීට පෙරද අපරාධ රැසකට අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙක්..

ආමි සුරංග 2014 වසරේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය පැවති ජන හමුවේ වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක්…

ඔහු මීට පෙර ගිනි අවියක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා..

2020 වසරේ දී මිරිහාන අපරාධ කොට්ඨාසයෙන් පොලිස් නිල හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස පරිහරණය කර අත්අඩංගුවට පත්ව තිබෙනවා..

අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් පිළිබඳව මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02