spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආමි සුරංග ගිනි අවියක් සමග මුල්ලේරියාව පොලිස් අත්අඩංගුවට…

බුද්ධික ප්‍රසාද් හෙවත් ආමි සුරංග සහ චාමර චතුරංග යන පාතාල සාමාජිකයින් දෙදෙනා මුල්ලේරියාව පොලිස් වසමේ වල්පොල දී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට පත්වුණා..

සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ආමි සුරංග නැමැති පුද්ගලයා පාතාල කණ්ඩායම් නායකයෙකු වූ ඌරු ජුවා ගේ සහ ගොත අසංක ගෙ කණ්ඩායමේ ධනුෂ්ක ආරියවංශ නොහොත් රංග යන අයගේ සොහොයුරා ද වනවා..

ආමි සුරංග යන පාතාල සාමාජිකයා මීට පෙරද අපරාධ රැසකට අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙක්..

ආමි සුරංග 2014 වසරේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය පැවති ජන හමුවේ වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක්…

ඔහු මීට පෙර ගිනි අවියක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා..

2020 වසරේ දී මිරිහාන අපරාධ කොට්ඨාසයෙන් පොලිස් නිල හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස පරිහරණය කර අත්අඩංගුවට පත්ව තිබෙනවා..

අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් පිළිබඳව මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?