බංග්ලාදේශයේ පාසල් තුළ දරුවන්ට වන නොහිබිනා වැඩ නිසා ජනතා විරෝධතා උත්සන්න වෙයි

බංග්ලාදේශයේ මද්‍රසා අධ්‍යාපන ආයතන හයක දරුවන්ට එරෙහිව ලිංගික අපයෝජන සහ දූෂණය කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ එරට තුළ දැඩි මහජන විරෝධයක් මතුව තිබෙනවා.

ඔක්තෝබර් 8 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 16ක කාලයක් තුළ වාර්තා වූ මෙම සිදුවීම්වලට වයස අවුරුදු හතේ සිට ඉහළ වයස්වල පසුවන පිරිමි සහ ගැහැණු දරුවන් ගොදුරු වී ඇති බව වාර්තා වනවා.

ගාසිපූර්, ඩකා නගරයට ආසන්න සාවාර්, කුෂ්ටියා සහ පබ්නා යන ප්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තා වී තිබේ. ඇතැම් දරුවන්ට සිදුවීම් පිළිබඳව කිසිවෙකුට නොපවසන ලෙස තර්ජනය කර ඇති බවද සඳහන්.

මෙම චෝදනා හමුවේ ප්‍රදේශවාසීන් විරෝධතා පැවැත්වීම, චෝදනාවට ලක්වූ ගුරුවරුන්ට පහරදීම, ආයතනවලට හානි කිරීම සහ ගිනි තැබීම වැනි සිදුවීම් ද වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන්ම නේවාසික මද්‍රසා පාසල්වල සිටින දරුවන්ට ආරක්ෂිත පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද සකස් කිරීම, ලිංගික හිංසන වැළැක්වීමේ කමිටු පිහිටුවීම සහ චෝදනා සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාව ද මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා.

විශේෂඥයන් අවධාරණය කරන්නේ, චෝදනාවට ලක්වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම, නීතිය අතට ගැනීමෙන් වැළකීම සහ අධ්‍යාපන ආයතන තුළ දරුවන්ගේ ආරක්ෂාව සහ මානසික යහපැවැත්ම තහවුරු කිරීම ද අත්‍යවශ්‍ය බවයි.